මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “(What is Voice Over Long-Term Evolution (VoLTE))

සමහර කට්ටිය මේක මිට කලින් දැකලා අහලා ඇති .නමුත් ඇත්තටම මොකක්ද මේ VoLTE කියන්නේ කියලා තව පොඩ්ඩක් දැනගෙන තියාගන්න එකේ වරදක් නැහැනේ.Voice Over LTE කියන එක තමයි VoLTE කියලා කෙටියෙන් කියන්නේ.ඔයගොල්ලේ අහලා ඇති 4G LTE කියන එක.ඉතින් අපේ ඉංජිනේරුවන් 4G LTE හැදුවේ නැත්තම් develop කරේ data පැත්තට විතරයි.ඉතින් data ON කරලා වැඩක් කර කර එන්නකොට ඔන්න call එකක් එනවා,ආපු ගමන් data cut වෙලා යනවා ඔබ අනිවාර්යෙන්ම දැකලා ඇති.ඉතින් මේක ප්‍රශ්නයක් නේ.ඉතින් අපේ ඉංජිනේරුවන් Set එක කලපනා කරලා කරලා VoLTE හැදුවේ නැත්තම් develop කරේ.

දැනට ලංකාවේ අපි දන්නා තරමින් DIALOG වල නම් VoLTE තියෙනවා.තව දෙයක් තියෙනවා mobile network එක Support කරාට වැඩක් නැහැ. Mobile Phone එකත් Support කරන්න ඕනේ.ඔය අලුතෙන් එන ගොඩාක් Mobile Phone Support කරනවා.සප්පොර්ට් කරන මොඩෙල් ටික බලා ගන්න ඔනෙනේනම් පහලින් තියෙන ලින්ක් එක Click කරලා වැඩි විස්තර දැනගන්න.

ඇත්තටම මේ VoLTE එකෙන් අපට තියෙන වාසි මොනවාද

01.Voice call Quality එක නම් සුපිරියි.

ඔයගොල්ලේ දන්නවනේ සාමානයෙන් අපි සියලුම දෙනාම call එකකින් බලාපොරොත්තු වෙන්නේ කට හඩ පමණයි .නමුත් VoLTE තියෙනවනම් කට හඩ පමනක් නෙමෙයි කට හඩෙහි ස්වරුපය පවා අපට දැනෙනවා.ගොඩාක් කට්ටිය HD voice call කියලත් කියනවා.

02.battary Life එක වැඩි වෙලා තියෙනවා.

Voice call එකක් එනකොට data cut වෙලා 4G එකේ ඉදන් 3G,2G වලටවත් මාරුවෙන්නේ නැහැනේ.ඉතින් එකට යන ශක්තිය ඉතුරුයි.එක නිසා තමයි battary Life එක වැඩි වෙන්නේ.

ඒවගේම තව වාසි ගොඩාක් තියෙනවා .ඒවා කෙටියෙන් ලියන්නම්

03.Vedio call quality එක වැඩියි.

04.call එකක් connect වෙන්න යන වෙලාව අඩුයි.

“VoLTE වලින් call ගන්න කොට අය කරනු ලබන්නේ වැය වන data වලටද නැත්නම් කාලයටද ?”

ඇත්තටම මේක මට හිතිච්ච දෙයක් VoLTE වලින් call එක යන්නේ data වලින්.නමුත් අප දන්නා විදියට අය කරනු ලබන්නේ වැය වන data වලට නොවෙයි කාලයටයි.ඉතින් data වලින් නම් call එක යන්නේ වැය වන data වලට charge කරනවානම් කොච්චර හොදද?

“Voice call එකක් එන කොට data cut වෙලා 4G එකේ ඉදන් 3G,2G වලට මාරුවෙන්නේ ඇයි?”

ඇත්තටම මේක වෙන්නේ Voice call එකක් යන්නේ Circuit switching වලින් data වලට use කරන්නේ Packet switching කියලා ක්‍රමයක්.ඉතින් data on කරලා භාවිතා කර කර ඉන්නකොට Voice call එකක් එනවා කියලා හිතමුකෝ.call එක නිසා Packet switching වල ඉදන් Circuit switching මාරු වෙන එක තමයි වෙන්නේ . එක නිසා තමයි data cut වෙලා 4G එකේ ඉදන් 3G,2G වලට මාරුවෙන්නේ.VoLTE වලදී වෙන්නේ Voice call එක යන්නේ Packet switching වලින්.

වැල් වටාරන් නැතුව ඕනෙම දේ විතරක් සදහන් කරලා තියෙනවා .ඉතින් තව මොනවහරි දැන ගන්න තියෙනවනම් comment කරන්න.

Tags: , ,

Related Posts:

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න

ඉන්ටෙර්නෙට්(Online) business එක කියන්නේ නිකන් සාගරයක් වගේ.ඕනෑම කෙනෙක්ට ඕනේ විදිහට...

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ අපි මේක...

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න-02

මම එට කලින් පොස්ට් එකේ කියල තිබ්බා මම ගොඩාක් දන්නේ...