ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න

ඉන්ටෙර්නෙට්(Online) business එක කියන්නේ නිකන් සාගරයක් වගේ.ඕනෑම කෙනෙක්ට ඕනේ විදිහට සාගරයෙන් වතුර ගන්න පුලුවන්න එක්කෝ අතින් ,බාල්දියෙන් .මෝටරයකින් උනත් ප්‍රශ්නයක් නැහැ .තමන්ගේ අතේ තමයි  ගේම තියෙන්නේ.ගොඩක් අය business රහස් කියන්නේ නැති තරම් .තව එකෙක් ගොඩ යයි කියලා නැත්තම් තව එකෙක් හරියි කියලා.මගේ අත්දැකීමෙන් මම දන්නවා හරියන එකාට කොමත් හරි යනවා .අනිත් එක උත්සහයි,උනන්දුවයි,මොළයයි ඒවගේම කට්ට කන්න පුළුවන් නම් කොහොමත් ගොඩ යන්න පුළුවන් .අනිත එක ලොකුම දේ තමයි ඉවසීම.මොනවා තිබ්බත් වැඩක් නැහැ ඉවසීම නැත්තම්.

මට ඇත්තටම මෙහෙම post එකක් දාන්න හිතුනේ ගොඩාක්  කොල්ලෝ කෙල්ලෝ තාම පිස්සු කෙලිනවා.තාම 10000 හරි 15000 තාම  කට්ට කනවා.උන් එක්ක කතා කරපුවාම මේ හොදට ඉගෙන ගත්ත උන්.උදේට නැගිටෙනවා,mobile phone එක ඔබාගෙනම වැඩට යනවා.ආයෙත් ඔබාගෙනම ගෙදර ඇවිත් ඔහේ නිදියනවා.මාසෙ අන්තිමට ණයත්  වෙලා නැත්තම් ගෙදරින් කියක් හරි cut එකක් දාගන්නවා.මම ආසයි  උන්ගෙන් අහන්න ඔබේ මොළේට ඔබට දෙන්න පුළුවන් මුදලේ වට්නාකම 10000 ද 15000ක් ද කියලා.ගොඩ යන්න ඕනේකියලා හිතන  උන්ට කරන්න පුළුවන් දේ උපරිමෙන්මත්  ඊට එහාත් කරන්නත්  sup එකත් දෙන්නම් මට පුළුවන්.හරි වැඩේ පටන් ගමු.

 ගොඩක් උන් කරන ඉන්ටෙර්නෙට්(Online) business ලිස්ට් එකක් තමයි මේ තියෙන්නේ.

  • Ad/Link වලට click කරන එක.
  • youtube එකේ video හදලා දාන එක
  • Online Shop එකක් කරන එක.
  • Blog එකක් කරලා ad දාන එක.
  • photoshop වලින් පින්තූර එඩිට් කරන එක.
  • web site/web design කරන එක
  • software /mobile app ඩ්වොලොප් කරන එක.
  • photo shoot කරලා දාන එක.
  • ebay එකේ බඩු විකුණන එක.
  • data entry.
  • Stock/Forex Trading
  • social media page maintain කරන එක..

මේ වගේ දේවල් ගොඩක් තියෙනවා.හැම කෙනාටම හැම එකක්ම හරියන්නේ නැත.හිතලා කරන දේවල් වලට වඩා අහම්බෙන් සෙට් වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට හරියන්නේ .එක එක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්.අනිත් එකා කරන එක තමන්ට හරියන්නේ නැති වෙන්නත් පුළුවන්.තව එකක් කියන්නම ඕනේ.මාසෙන් දෙකෙන් ලක්ෂපතියෝ වෙන්නම් බැහැ.අත්දැකීමෙන් කියන්නේ තනිකර බොරුවක්.කට්ටක් කන්නම ඕනේ .එකයි මම මුලදීම කිව්වේ .අවුරුද්දක් දෙකක් කට්ට කාපුවම ඊට පස්සේ නිකම්ම business.

මට ඉන්ටෙර්නෙට්(Online) business හැම එකක්ම හරි ගියෙත් නැහැ.මම දන්නෙත් නැහැ .දන්නවා කියලා ලොකු සීන් දාන්න ගිහින් හොම්බ බිම ඇන ගන්නත් පොස්ට් එක කියවන උන්ට කෙලවන්නත් මම කැමතිත් නැහැ.මට සෙට් වුනේ Online Shop එකයි, බ්ලොග් post ඒකයි.මේ දෙකේ අවුරුදු 5ක්,6ක් වගේ experience තියෙනවා.දන්න දේ උපරිමෙම්ම කියලා දෙන්නම්,සමහර දේවල් post එකේන් මග ඇරෙන්න පුළුවන්.මට මේ online  business දෙකම අහම්බෙන් සෙට් වෙච්ච එව්වා. online  business එකක් කියන්නේ First Love එක වගේ තමයි.බොක්කට වැදුනොත් සොරිම තමා.මොන බාදක ආවත් කරගෙනම යනවා. කට්ට කන එකේ සීමාවක් නැහැ .කන කට්ට දැනෙන්නෙත් නැහැ .

ඔයගොල්ලේ අහලා ඇති ඕනෑතරම් කට්ට කාලා ගොඩ ගියපු කතන්දර .ඒ කතන්දර කියපුවාම හිතට පීට්  එකක්  එනවා නමුත් ඒ කතන්දර වල ඒ අය ගොඩ යන්න භාවිතා කරපු business රහස් කියලා නැහැ නේද ?හොදට හිතලා බලන්න.මම කියන්නේ බොරුද කියලා.ඒවා කියලා දෙන අය ගොඩාක් අඩුයි.අපට කතන්දර වැඩක්  නැහැ.මේ ලියන මම ලොකු පොරක්,online business එකේ expert කෙනෙක් නෙවේ .මම දන්න දේ ඔයගොල්ලන්ට කියලා දෙනවා.මම දාන පොස්ට් කොහොන්වත් copy කරපු ඒවාත් ,පරිවර්තනත් නෙමේ.තනිකර මගේ experience එක තමයි.

තව අහිංසක ඉල්ලීමක් තියෙනවා .මම දන්න දේවල් එක්ක ,ඔයගොල්ලොත් ගොඩාක් දේවල් දන්නවා ඇති .මෙදෙකම එකතු කරලා තව එකෙක්ට කියලා දීපන්.දැන්නම් ගොඩාක් රැ වෙලා නිදිත් මතයි.මට ඊලග පොස්ට් එක දාන්න  මේ  පොස්ට් එකට LIKe කරපන් .මම අයෙත් කියනවා සමහර දේවල් post එකේන් මග ඇරෙන්න පුළුවන් comment කරලා මගෙන් අහපන් .කියලා දෙන්නම්.තව එකෙක්ට ගොඩ යන්න මේක share කරපන්.ඔයගොල්ලෝ LIKe,comment,share  කරන එකෙන් මගේ හිතට ලොකු FIT එකක් එයි.සෙට් එකක් ඊලග පොස්ට් එකක් එනකම් බලන් ඉන්නවනේ  කියලා .ඊලග පොස්ට් එක ඉක්මනටම දාන්නම්.

මේ post එකෙන් ගන්න පුළුවන් දේවල් !

  • කට්ටක් කන්නේ නැතුව ගොඩ යන්න බැහැ කියන එක.
  • අනිත් එක උත්සහයි,උනන්දුවයි,මොළයයි තියෙන්න ඕනේ කියන එක.
  • ලොකුම දේ තමයි ඉවසීම තියෙන්න ඕනේ කියන එක
  • මාසෙන් දෙකෙන් ලක්ෂපතියෝ වෙන්න බැහැ කියන එක.
  • තමන්ගේ මොළයට මුදලේ වටිනාකම තමන්ටම දෙන්න පුළුවන් කියන එක.

 

Related Posts:

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න-02

මම එට කලින් පොස්ට් එකේ කියල තිබ්බා මම ගොඩාක් දන්නේ...

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ අපි මේක...

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “(What is Voice...

Comments (3)

Ade matatha asai ban online business ekak karala goda yanna. Ade machn mata puluwannam poddak kiyala dipan man kohomada karanna one kiyala

Reply
M S

Thanxzzz bro…

Reply

මටත් online shop එකක් පටන්ගන්න ඕනේ

Reply