ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න-02

මම එට කලින් පොස්ට් එකේ කියල තිබ්බා මම ගොඩාක් දන්නේ Online Shop එකක් හරි  Blog එකක් හරි කරලා මුදල් හොයන්න.මම මුලින්ම තෝරා ගන්නේ Online Shop එකක් පටන් ගන්නේ කොහොමද ,ඒවායේ කවරුත් නොකියනම රහස් මොනවද කියල.හරි එහෙනම් වැඩේ පටන් ගමු .Online Shop එකක් පටන් ගන්න වැදගත් දේවල් ටිකක් තියෙනවා.අපි බලමු ඒවා මොනවද කියල

01.Domain name එකක්

02.web site එක හොස්ට් කරන්න place එකක් (ඩොමින් හොස්ටින්ග්).

03.web site එකක්

04.ඔබව සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් සහ ස්ථානයක්.

මම ඔය කියපු දේවල් ටික ගොඩාක් කට්ටිටිය දන්නවා ඒවගේම කියලත් දෙනවා.නමුත් කව්රුත් නොකියන නොදන්න දෙයක් තියෙනවා .එක තමයි online Shop එකට  හොද නමක් දාගන්න ඕනේ.ඔන්න ඕක තමයි  කව්රුත් කියලා දෙන්නේ නැත්තේ.හොද නමක් තියෙනවානම් වැඩේ ගොඩේ ගොඩ.දැන් ඉතින් රහස දැනගත්තනේ.දැන්  ඉතින් බලමු හොද නමක් තෝරාගන්නේ කොහොමද කියලා.ඔය හොද නම කියල මම අදහස් කලේ හොද  domain name එකකට.දැන් බලමු හොද domain name තෝරාගන්න කොට මොනවද ඔළුවේ තියෙන්න ඕනේ කියලා.

01.domain name එකට තියෙන්න ඕන අකුරු ගාන.

මේක හරිම වැදගත් දෙයක් යාළුවනේ.domain name එකට අකුරු 4ත් 8ත් ප්‍රමාණයක් තියෙන්න ඕනේ .ඊට වැඩියෙන් තිබ්බොත් මොනවා වෙයිද?පොඩ්ඩක් හිතල බලන්න.ඊට වැඩියෙන් තිබ්බොත් වෙනදේ දන්නවාද? ඔබගේ වෙබ් site එකේ නම කාටවත් මතක හිටින එකක් නැහැ.මම online Shop  එකට ඉස්සෙලලාම දාපු domain name එක තමයි Fastrun Technology කියලා.හිතලා බලන්න මේක මතක තියා ගන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා.බලමු ලෝකයේ ප්‍රසිද්ධ domain name ටිකක් .

     01.google -අකුරු -6

     02.yahoo -අකුරු -5

     03.alibaba-අකුරු -7

     04.dongle -අකුරු -6

     05.ebay-අකුරු-4

බලන්න උඩ දීපු ලෝකයේ ප්‍රසිද්ධ domain name ටික මතක තියා ගන්න කොච්චර ලේසිද කියලා.මේක තමයි කවරුත් නොකියනම රහස.

02.domain name එක .

මේකත් හරිම වැදගත්.ඔබ web site එකට අකුරු 4ත් 8ත් ප්‍රමාණයක් තියෙන නමක් තෝරා ගත්තා කියලා හිතමුකෝ.ඒ තෝරා ගත්ත නම මිනුස්සුන්ට මතක තියා ගන්න අමාරුයි නම් වැඩක් තියෙනවාද.කව්රුත් නොකියන දේ දන්නවාද.මේකට කරන්න ඕනේ මිනිස්ෂු නිතර නිතර භාවිතා කරන නමක් දාගන්න එක තමයි .මේකෙන් වෙන්නේ අපට අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ නැහැ අපේ site එකේ නම මිනුස්සුන්ගේ ඔලුවට දාන්න.

මම ඔයාට කියන්නම් මම කරපු දේ.මම කිව්වනේ මගේ online Shop  එකට ඉස්සෙලලාම දාපු domain name එක තමයි Fastrun Technology කියලා.පස්සේ මට හිතුනා මේ නම හරියන්නෑ කියලා.ඉතින් මම හිතන්න පටන් ගත්තා.දවස් දෙක තුනක්ම ගියා.නමක් සෙට් වුනේම නැහැ .ඉතින් ඔහොම ඉන්න කොට මම හිතුවා මම විකුනන්නේ මොනවද ?Dongle සහ Routers නේ..ඉතින් මම හිතුනා Dongle.lk වගේ නමක් තිබ්බොත් හොදයි නේ කියලා.ටක් ගලා log වුනා.search කරා dongle.lk කියලා කිසිම site එකක් තිබ්බෙත් නැහැ.ගියා Nic.lk එකට search කරා dongle කියලා .මගේ වාසනාවට available කියලා තිබ්බා .සටස් ගලා domain name එක ගත්තා.ඉතින් ඕකයි dongle.lk කථාව.

ඉතින් යාලුවනේ ඔයගොල්ලොම කියන්නකෝ පහලින් තියෙන නම් දෙකෙන් කෝකද මතක තිය ගන්න ලේසි කියලා.

 01.FastrunTechnology.com

02.dongle.lk

දැන් තේරෙනවනේ කරන්න ඕනේ දේ.හරි දැන් ඇති කියලා හිතෙනවා .ඊලග post එකෙන් domain එකක් මිලදී ගන්නේ කොහොමද කියලා බලමු.

මට ඊලග පොස්ට් එක දාන්න  මේ  පොස්ට් එකට LIKe කරපන් .මම අයෙත් කියනවා සමහර දේවල් post එකේන් මග ඇරෙන්න පුළුවන් comment කරලා මගෙන් අහපන් .කියලා දෙන්නම්.තව එකෙක්ට ගොඩ යන්න මේක share කරපන්.ඔයගොල්ලෝ LIKe,comment,share  කරන එකෙන් මගේ හිතට ලොකු FIT එකක් එයි.සෙට් එකක් ඊලග පොස්ට් එකක් එනකම් බලන් ඉන්නවනේ  කියලා .ඊලග පොස්ට් එක ඉක්මනටම දාන්නම්.

Related Posts:

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ අපි මේක...

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න

ඉන්ටෙර්නෙට්(Online) business එක කියන්නේ නිකන් සාගරයක් වගේ.ඕනෑම කෙනෙක්ට ඕනේ විදිහට...

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “(What is Voice...