මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ

මොකක්ද මේ Fixed 4G සහ මොබියිල් 4G කියන්නේ

අපි මේක ඔබට කියල දෙන්න යන්නේ ඉතා සරලවයි.මේකේ ටෙච්නිකල් පැත්තක් තියෙනවා.ටෙච්නිකල් පැත්තට යන්නේ නැතුව ඔක්කොටම තේරුම් ගන්න පුළුවන් විදියට කියල දෙන්නම් .ඉතින් ඔක්කොම දන්නවා 4G කියන්නනේ මොකක්ද කියල.ඉතින් මේ 4G එකේ වර්ග දෙකක් තියෙනවා.

01.මොබියිල් (Mobile)4G
02.ෆික්ස් (Fixed) 4G

තව පොඩ්ඩක් කියනවනම් 4G LTE එකේ එකිනෙකට වෙනස් වුනු standards දෙකක්.මොබියිල් (Mobile)4G භාවිතා කරන්නේ FDD(Frequency Division Duplex) කියන standard එක සහ ෆික්ස් (Fixed) 4G භාවිතා කරන්නේ TDD(Time Division Duplex )standard එක.අපි මේ දෙකම වෙන වේනම් පොඩ්ඩක් විස්තර කරන්නම්.

01.මොබියිල් (Mobile)4G

දැන් ඉතින් අපි හැමෝම දන්නවා මොබියිල් (Mobile)4G භාවිතා කරන standard එක තමයි FDD කියලා.ලංකාවෙනම් අපි ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ Mobile Phone එකත් එක්ක.ලංකාවේ දැනට මොබියිල් (Mobile)4G දෙන mobile Operators ලා දෙන්නෙක් තමයි ඉන්නේ .Dialog සහා Mobitel.තවත් තේරුම් කරනවානම් Mobile Phone එකට දෙන 4G සිම් දාලා අපට 4G භාවිතා කරන්න පුළුවන්නේ අන්න ඒ 4G එකට තමයි මොබියිල් (Mobile)4G කියන්නේ.මේකේ වාසි අවාසි දෙකම තියෙනවා.

වාසි තමයි…

01.4G සිග්නල් නැත්තම් auto 3G වලට මාරු වෙනවා.ඉතින් අපට ඉන්ටෙර්නෙට් පොඩ්ඩක් SLOW උනත් දිගටම Download කරන්න පුළුවන්.

02.මොබියිල් (Mobile)4G සිග්නල් දැනට ගොඩාක් තැන්වල තියෙනවා.

03.සම්බන්ධතා ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ.

අවාසි තමයි…

01.Data පැකේජ්, ෆික්ස් (Fixed) 4G Data පැකේජ් වලට වඩා ගණන් වැඩි.

02.පෙර ගෙවුම් 4G (prepaid )SIM එකක් වගේ use කරනවානම්.Unlimited data පැකේජ් සක්‍රිය කරන්න දෙන්නේ නැහැ.

02.ෆික්ස් (Fixed) 4G

දැන් ඉතින් අපි හැමෝම දන්නවා ෆික්ස් (Fixed) 4G භාවිතා කරන standard එක තමයි TDD කියලා.ලංකාවෙනම් අපි ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඔන්න ඔය SLT,Lanka Bell සහ Dialog එකෙන් ගෙවල් වලට දෙන්නේ Router එකක්,අන්න ඒ වලට භාවිතා කරන 4G වලට තමයි ෆික්ස් (Fixed) 4G කියන්නේ.මේකේ වාසි අවාසි දෙකම තියෙනවා.

වාසි තමයි…

01.Data පැකේජ් ගණන් අඩුයි.

02.කොහොමත් Router එකක් දෙන නිසා මුළු ගදරටම එකක් ඇති.

අවාසි තමයි…

01.සිග්නල් නැත්තම් හබක් තමයි.මොබියිල් (Mobile)4G වගේ auto 3G වලට මාරු වෙන්නේ නැහැ

02. Router තැන තැන උස්සගෙන යන්න බැරි නිසා data ටික අන්තිමට ඉතුරු වෙනවා.අපරාදේ කියලා හිතෙනවානේ ….

03.අනික සම්බන්ධතා ගාස්තුවක් ගෙවන්න ඕනේ.

අනිත් වැදගත්ම දේ තමයි ලංකාවේ ඔපෙරටෝර්ස්(Operators) ලා භාවිතා Frequency ටික.මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කොහෙන්හරි බඩුවක් ගන්න ගියොත් තමයි.4G ගහලා හරි කිව්ව පලියට උස්ස ගෙන එනවා .SIM දාපුවම බඩු වැඩ නැහැ….ඉතින් සල්ලියි වෙලාවයි දෙකම අපරාදේ …

01.මොබියිල් (Mobile)4G

FDD :1800Mhz
Dialog සහ Mobitel දැනට භාවිතා කරන්නේ FDD :1800Mhz තමයි ..

02.ෆික්ස් (Fixed) 4G

dialog home broadband-TDD :2300Mhz

SLT -TDD :2600Mhz

Lanka Bell :2500/2600Mhz වගේ..

03.3G නම් …

3G: WCDMA(UMTS) DC-HSPA+/HSPA+/HSPA/UMTS (2100MHz )

04.2G නම් …

2G: GSM/GPRS/EDGE 850/900/1800/1900MHz..

දැන් කට්ටියම දන්නා වනේ මොබියිල් (Mobile)4G සහ ෆික්ස් (Fixed) 4G කියන්නේ මොකක්ද කියල සහ ලංකාවේ වැඩ කරන Frequency ටික.සමහර කට්ටිය අහනවා මේ ඔක්කොම Frequency වැඩ කරන මොනවාහරි device එකක් නැද්ද කියලා.ඉතින් models ගොඩක් නම් නැහැ .එක උදාහරණයක් දෙන්නම්.

Ex:Huawei E5573cs-856

මේක Rs 9500 වගේ අපෙන් කැමති කට්ටියට ගන්න පුළුවන්වෙ.වැඩි විස්තර ඕනෙනම් 0773 567 467 call එකක් හරි උඩ දාලා තියෙන link එක click කරන්න.පොස්ට් එක කියවලා දන්නේ නැති කට්ටියට දැනගන්න share ක‍රන්න.

Related Posts:

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න

ඉන්ටෙර්නෙට්(Online) business එක කියන්නේ නිකන් සාගරයක් වගේ.ඕනෑම කෙනෙක්ට ඕනේ විදිහට...

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “

මොකක්ද මේ ලංකාවට ආපු අලුත් වචනය “VoLTE “(What is Voice...

ඉන්ටෙර්නෙට් business එකේදී කවුරුත් නොකියන රහස් මෙන්න-02

මම එට කලින් පොස්ට් එකේ කියල තිබ්බා මම ගොඩාක් දන්නේ...